මම කුණාටුවෙන් බේරාගත් නෞකාව පළා ගිය කපිතාන්ලට භාර දෙනවා ද…! – ජනපති…

June 30, 2024 at 8:06 pm | by emanisa.lk

කුණාටුවකට හසුව තිබූ ශ්‍රී ලංකාව නම් ටයිටැනික් නෞකාව තමා විසින් සුරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එම නෞකාව භාරනොගෙන පළා ගිය කපිතාන්වරයෙකුට භාරදෙනවා ද නොඑසේ නම් මේ ආකාරයට ම ඉදිරියට යනවා දැයි තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

තමා සමග ඒ සඳහා එකතු වූයේ විවිධ පක්ෂවල රට ගැන කල්පනා කළ පිරිස බව ද විපක්ෂයට තමා සමග එකතු වන ලෙස ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (30) මාතර පැවැති එක්ව ජයගමු ජන රැලියට එකතු වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *