මම කිව්වේ අපේ ආණ්ඩුක් හදල මාස හයක් ඇතුළත ගෑස් පෙට්‍රල් දෙන්නම් කියලා…! – අනුර…

July 5, 2022 at 4:54 pm | by emanisa.lk

තමාට හෝ රනිල් වික්‍රමසිංහට අගමැති පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

මාස හයෙන් අර්බුදය නිමා කළ හැකි නම් අගමැතිකම අනුර දිසානායකට භාර දීමට සූදානම් බවට රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුව අමතමිනි.

“අඩුම තරමේ මට ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයවත් තියනවා. රනිල්, ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක්වත් නැහැ යනුවෙන් ද අනුර දිසානායක කීය. එවැනි අයකු අග්‍රාමාත්‍ය ධූරය දින නියමයක් නැතිව තබාගෙන හිඳීම සාධාරණදැයි අනුර දිසානායක ප්‍රශ්න කළේය.

“ඔබ ගැන සාමාන්‍යයෙන් පුවත්පත්වල මාධ්‍ය වාර්තා ලියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ගුණ ගැනයි. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට ඒක කොහොමද ගැළපෙන්නේ. ඔය පුටුවෙ ඔබ ඇඹලයෙක් ලෙස ඇලී ගැලී නැගී සිටින්නට සූදානම් නම් අන්න ඒකට මම විරුද්ධයි.

දශක ගණනාවක් ගමන් කරන ආර්ථිකයේ බිහිසුණු තත්ත්වය මාස හයෙන් හතෙන් කාටවත් ගොඩ නගන්න බෑ. නමුත් එවැනි කාලයක් තුළ තෙල්, ගෑස්, ඖෂධ ලබාදීම, පාසල් විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්තශාලා විවෘත කිරීම, ධීවරයන්ට මුහුදු යන්න අවස්ථාව දීම, ගොවීන්ට කුඹුරට බැසීමට ඉඩ හැදීම වැනි සාමාන්‍ය දේවල් මාස හයෙන් යථා තත්ත්වයට පත් කරන්න අපට පුළුවන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *