මම ක්‍රියාත්මක කරන්නේ මහින්ද කෘෂිකර්ම ප්‍රතිපත්තියමයි..! – නාමල්…

August 27, 2024 at 7:48 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ගොවි ජනතාවට පොහොර ලබා දීමේ දී අඩුපාඩුවක් වූ බව පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, එහි දී ලබා දුන් වැරදි තීන්දු තීරණ නිසා කන්නයක් දෙකක් ගොවි ජනතාව අපහසුතාවට පත් වූ බවයි.

කෙසේ වුව ද සිය පාලනයක් යටතේ මේ රටේ ක්‍රියාත්මක කරන්නේ මහින්ද රාජපක්ෂ කෘෂිකර්ම ප්‍රතිපත්තිය බවයි, නාමල් රාජපක් අවධාරණය කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගල්ගමුව ආසන රැස්වීමට අද (27) එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *