මම කසාද තුනක් කරගත් මිනිහෙක්! පරණ පෙම්වතියෝ එක්ක ආදරෙන් ඉන්න හැටි දන්නවා! – පොහොට්ටුවට පැමිණි ඩිලාන්ගෙන් අන්තඃපුර කතාවක්…

August 30, 2019 at 9:48 am | by emanisa.lk

තමන් කසාද තුනක් කරගත් කෙනෙක් බවත් පැරණි බිරියන් සමග සබඳතා හොඳින් පවත්වාගෙන යන අයුරු දන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

“මම කසාඳ තුනක් කරගත්ත කෙනෙක්. පැරණි බිරියන් එක්කත් සම්බන්ධතා හොඳට පවත්වාගෙන යන විදිය මම දන්නවා. බැසිල් රාජපක්ෂ, ජි.එල්. පීරිස් සමගත් මම හොඳින් කටයුතු කළා.

මට පැරිණි ආදරවන්තියන් එක්ක ආදරෙන් වැඩ කිරීමේ නොහැකියාවක් නැහැ. ඒක හිතේ ධාරණය කරගෙන මේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න අපි සියලු දෙනා එකතු වෙනවා. මට තනතුරු ලැබුණත් නොලැබුණත් ප‍්‍රශ්නයක් නැහැ. අපිට ආණ්ඩුවක් දිනා ගැනීමයි වැදගත් වෙන්නේ. මේ සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවට තර්ජනය කර තිබියදීත් තමයි මොවුන් අද මෙහි පැමිණ සිටින්නේ.

පහුගිය කාලේ එස්. බී දිසානායකගේ නායකත්වයෙන් අපේ පක්ෂය තුළ අපි අභ්‍යන්තර අරගලයක් කළා. එය ජයග‍්‍රාහි ලෙස අවසන් කරන්න අවස්ථාව තිබියදීත් අපිට පක්ෂයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. අපි කළ අභ්‍යන්තර අරගලය සාර්ථක කරගන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර තියෙන සාකච්ඡා සාර්ථක වේවා කියා අපි ප‍්‍රාර්ථනා කරනවා.”

ඩිලාන් පෙරේරා සමග නාගරික මන්ත්‍රීවරු 4 දෙනෙක් සහ හාලිඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු 6 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස