මම කවදාවත් මහින්දට එරෙහිව වන්නේ නෑ…! – ඩලස්….

April 29, 2022 at 10:47 am | by emanisa.lk

තමා කිසිසේත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට එරෙහි නොවන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා තිබේ.

ඊයේ (28) ආණ්ඩු පක්ෂ හමුවක දී තිස්ස කුට්ටිආරච්චි විසින් ඩලස් අලහප්පෙරුම අගමැති ධූරය ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළ අවස්ථාවේ ඩලස් මේ බව පවසා තිබේ.

තමා මහින්ද රාජපක්ෂ ආරක්ෂා කළේ තිස්ස කුට්ටිආරච්චිලා වෙනත් පක්ෂවල සිටින කාලයේ සිට බවත් ඔහුගේ ප්‍රකාශය පිළිබඳ තමා කනගාටු වන බවත් ඩලස් අලහප්පෙරුම එහි දී සඳහන් කර තිබේ.

තමා ඉදිරියේ ඩලස් අලහප්පෙරුමට කිසිවෙකු දොස් කියනවාට තමා අකමැති බව එහි දී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *