මම ඔය මිනිහට නොගැහුවේ මළොත් කියල බයට…! මිනිහ මළොත් මට මිනී මැරුම් නඩු වැටෙනවා…! – චමල්ට නොගැසූ හේතුව ෆොන්සේකා කියයි…

April 8, 2021 at 4:29 pm | by emanisa.lk

තමා චමල් රාජපක්ෂට පහර නොදුන්නේ ඔහු මැරේවි යැයි පැවැති බයට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

පාර්ලිමේන්තුවේ තමන් හා චමල් රාජපක්ෂ අමාත්‍යවරයා අතර ඇති වූ බහින් බස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

“එදා හිටපු කතානායක කරපු දේ විවේචනය කරාම, මට සභාවට එන්න දුන්නේ නැහැ මම ඇපෑල තුනක් තියෙනකොට මාව හිරේ දාන් හිටිය කිව්වම ඒ පුද්ගලයා මට ගහගන්න අඬ ගහනවා. හැබැයි ඒ වගේ ඇවිද ගන්න බැරි මිනිහෙක් එක්ක ගහගන්න ගියා නම් ඔය මිනිහා මැරුනොත් අපට ඊට පස්සේ මිනී මැරුම් නඩුවක් එනවා.”

සරත් ෆොන්සේකා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයාට දැක්වූ ප්‍රතිචාර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින්සජීවීව විකාශය කළ වීඩියෝ පටයට ඇතුළත්ය.

එහිදී සරත් ෆොන්සේකා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා අමතමින් සතුන්ගේ නම් කියමින් පරුෂ වචන කියමින් බැන වදින ආකාරය ද එම වීඩියෝ පටයේ දක්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස