බ්‍රොයිලර් කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව පවසමින් තමා කළේ කළේ විහිළුවක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න පවසයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තමන් එම ප්‍රකාශය කළේ රිලා, වඳුරු, මොණර මස් ආහාරයට ගත යුතුය යන අදහසින් නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.
විහිළුවට කරන ලද ප්‍රකාශයක් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුගියදා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී රිලා, මොණර උවදුරු පහව යනතුරු කුකුල් මස් නිෂ්පාදනය නවතා දෙන්න බැරි දැයි අමාත්‍යවරයා විමසා සිටියේ සිටියේ සියල්ලම සිනහ ගස්වමිනි.