මම එංගලන්තේ පාර්ලිමේන්තුවේ දිව්‍ය භෝජන කෑව මිනිහෙක්…! අපේ රටේ මැති ඇමැතිලාට දෙන්නේ සොකඩ කෑම…! වරප්‍රසාද එපා කියන්නේ චතුර වගේ ළිං මැඬි….!

August 22, 2021 at 2:00 pm | by emanisa.lk

මැති ඇමැතිවරුන්ට වාහන ඇතුළු වරප්‍රසාද නොදිය යුතුය යන බොරු මතයෙහි තමා නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

තමා විදෙස් පාර්ලිමේන්තු ගණනාවකට ගොස් ඇති බවත් ඒවායේ ලබා දෙන කෑම සමග සසඳන විට ලංකා පාර්ලිමේන්තුවේ ලබා දෙන්නේ මොන සොකඩ කෑමදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

නෙස්බි ස්වාමිවරයාත් සමඟ එංගලන්ත පාර්ලිමේන්තුවෙත්, ජර්මන් කතානායකතුමිය සමඟ ජර්මන් පාර්ලිමේන්තුවෙත් ඉන්දියානු පාර්ලිමේන්තුවෙත් තමන් කෑම කෑ මිනිහෙක් බව ද රාජිත සේනාරත්න හෙළිකළේ ය.

එම වරප්‍රසාද එපා යැයි කියන්නේ මේ රටේ සිටින ළිං මැඩි බවත් තම පුතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිය වාහනය නොගත් බවත් රෙස්ටෝරන්ට් එකෙන් නොකෑ බවත් තමා එවැනි මතයක නොමැති බවත් ඔහු වැඩි දුටත් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස