මම ආවේ උතුරේ ජනතාවගේ සාම දූතයකු වන මංගල අගය කරන්නයි! – සම්බන්ධන්

July 8, 2019 at 7:54 am | by emanisa.lk

උතුරේ ජනතාව සාමයේ දූතයෙකු ලෙස පිළිගන්නා ඇමති මංල සමරවීරගේ දේශපාලන ජීිවිතය අගය කිරීමට එම ජනතාවගේ නායකයෙක් ලෙස තමා දකුණට පැමිණි බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමති මංගල සමරවීරගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් ඊයේ (07) මාතර පැවති උත්සවයකදීය.

“වසර 71ක නිදහස් ශ්‍රී ලංකාවක් තුළ අපි වසර 30ක්ම දැක්කෙ යුධ ගැටුම්. ඒ කාල සීමාව තුළ රටේ පාලකයින් විදේශ හමුවලදී විදේශයන්ට පොරොන්දු රාශියක් දුන්නා ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා කළ පසු සාමකාමී රටක් බවට පත් කරන බවට.

දෙමළ ජනතාව තවමත් සාමකාමී අන්දමින් තමන්ට සාධාරණයක් ඉටු කරදෙන්න කියලා පාලකයින්ගෙන් ඉල්ලනවා. අපේ රටේ ජනතාව සෑහෙන කලක සිට දුක් විඳින ජනතාවක් වෙල තියෙන්නෙ ඒ අයගේ අවාසනාව නිසා නෙවෙයි.

පාලකයින්ගේ නොහැකියාව නිසා කියලයි මට හිතෙන්නෙ.මම උතුරේ මිනිහෙක්. දෙමළ ජනතාවගේ නායකයෙක්. මම අද දකුණටම ආවා.

ඒ සාමයේ දූතයෙකු ලෙස උතුරේ මිනිසුන් පිළිගන්නා මංගල සමරවීරගේ දේශපාලන ජීවිතය අගය කරනවා දකින්න කැමති නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස