සෑමදාම වතු කම්කරුවන් ලෙස සිටි කොට්ඨාශය කුඩා තේ වතු හිමියන් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සිය පියා වන ආර්. ප්‍රේමදාස ඉන්දියානු වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබා දීමේ තීන්දුව සම්පූර්ණ වූවේ යැයි තමන්ට සතුටු විය හැකි බව ඔහු අවධාරණය කරයි.
සමගි ජනබලවේගය ජයග්‍රහණය කළ පසු වතු කම්කරු ජනතාව වෙනුවෙන් අමාත්‍යංශයක් පමණක් නොව අගමැති වන තමා යටතේ වෙනමම කාර්ය සාධක බලකායක් ද පිහිටුවන බව සජිත් ප්‍රේමදාස පවසයි.
එමගින් වතු ජනතාවගේ ජීවිත ශක්තිමත් කරන බව ද ඔහු සඳහන් කළේය.
හැටන් නගරයේ අද (16) පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය.