මමයි මෛත්‍රීයි PCR කළෙත් ජ’පුරෙන්! අපට කොරෝනා හැදුණේ නෑ! අපට කොරෝනා නොහැදුණේ ජ’පුර හොඳ නිසායි!- රනිල්

July 14, 2020 at 9:02 am | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකය කොවිඩ් 19 පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීන්දුව ගැටලු සහගත බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීමේ කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (13) පැවති ජනහමුවකට එක් වෙමිනි. එහිදි ඔහු මෙසේද පැවසීය.

“දැන් කොරෝනා අලුත් තත්ත්වයක් ඇති වෙලා. ඉස්සර කොරෝනා පරීක්ෂණ කරන්න තිබුණේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරීක්ෂණ ආයතනයයි. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය ඉවත්කරලා. ඒ පරීක්ෂණ හරි නෑ කියා කියනවා. කොරෝනා කාලයේ කාලයේ මමත් මෛත්‍රීත් දෙන්නම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණ කරගත්තා. අපට කොරෝනා හැදුණේ නෑ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ අසාර්ථක නම් මටත් කොරෝනා හැදෙන්න තිබුණා. නමුත් එහෙම වුණේ නෑ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ජයවර්ධනපුර පරීක්ෂණ ඒකකය අවශ්‍ය නෑ කියනවා. මම දන්න හැටියට ආණ්ඩුවේ රෝහල්වල 60% පරීක්ෂණ කරන්න පුළුවන්. එකක්වත් සම්පූර්ණයෙන් සියයට සියයක් වැඩකරන්නේ නෑ. ලෝකයේ අනික් රටවල් පරීක්ෂණ සියයට 100කින් වැඩ කරනවා. නමුත් අපේ රටේ එපා කියනවා. අපට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය කුමක්ද කරන්නේ කියා. විශාල සැකයක් තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛන පිළිබඳව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස