මමත් කිරිපිටි ගන්නේ පෝළීමේ ගිහින්..! ජනතාව පුදුම දුකක් විඳින්නේ..! – ඩයනා ගමගේ..

January 15, 2022 at 9:34 am | by emanisa.lk

කිරිපිටි ප‍්‍රශ්නෙට එක ම විසඳුම දේශීය කිරිපිටි සමාගම්වලට සහන සලසා දීලා ඒ සමාගම් නගා සිටුවීම යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ඩයනා ගමගේ පවසයි.

දේශීය කිරිපිටි නගා සිටුවීමෙන් මේ වන විට වෙළෙඳුන් සඟවා ගෙන සිටින පිටරටින් ගෙන්වන කිරිපිටි යස අගේට ප‍්‍රතික්‍ෂෙප වනු ඇතැයි විශ්වාස යැයි ද ඇය සඳහන් කළාය.

“මේ රටේ කිරිපිටි හිඟයක් තිබෙනවා. ජනතාව පෝළිම්වල ඉඳගෙන කිරිපිටි ගන්නේ. මමත් පෝළිමේ ගිහින් කිරිපිටි ගන්නේ. රටේ ජනතාව පුදුම දුකක් විඳින්නේ.

දේශීය කිරිපිටි සමාගම් නගා සිටුවන්න ඕනේ, පැලවත්ත කිරිපිටි සමාගමට රජයෙන් සහන දීලා එය නගා සිටුවන්න ඕන, එතකොට මේ රටේ ජනතාව අපේ දේශීය කිරිපිටි වැඩි වැඩියෙන් ගන්න පෙළඹෙනවා. එතකොට ඔය පිටරටින් ගෙන්වන කිරිපිටි ඉබේට ම නතර වේවි.

රටේ දේශීය දේ නගා සිටුවනවා නම් ඔය හැම දේම පිටරටින් ගේන්න අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ජනතාව පෝළිම්වල ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *