මනෝ ගනේෂන්ට කොවිඩ්…! විපක්ෂ මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. කරන්න…!

November 20, 2021 at 6:44 am | by emanisa.lk

සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ් ආසාදිත වී ඇති බැවින් එම පක්‍ෂයේ සියලු මන්ත‍්‍රීවරුන් පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කරන්නැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ඉල්ලීමක් කළේය.

සභාවේ සිටින විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් බොහෝදෙනකු මුව ආවරණ නොපළඳින බවත් හෙතෙම එහි දී කීය.

හර්ෂණ රාජකරුණා –

ඊයේ රාත‍්‍රියේ අනුරාධපුර ජනාධිපති නිල නිවසේ උපන්දින සාදයක් පවත්වලා තිබෙනවා දෙදහසක පමණ පිරිසකගේ සහභාගිත්වයකින්. අද දවල් තිබෙනවා තවත් දෙදහසකට වඩා පිරිසකට දිවා ආහාර සංග‍්‍රහයක්. ඒ අයට සාද පවත්වන්න පුළුවන්. එක රටක් එක නීතියක් කියන්නේ මේකටද?

ඇමැති ප‍්‍රසන්න රණතුංග –

මම කලබල වෙන්න දෙයක් නොවෙයි කිව්වේ. දැනුම්දීමකුත් තිබෙනවා මුව ආවරණ පළඳින්න කියලා. නමුත් මේ අය එහෙම කරන්නේ නෑ. ඒ නිසා අපේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ අයගේ පී.සී.ආර්. කරන්න කියලා ඉල්ලනවා.

මුජිබර් රහුමාන් –

උද්ඝෝෂණවලට කොවිඩ් එනවා කියනවා. පාටිවලට එන්නේ නැද්ද?

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය – සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අපි ක‍්‍රියාත්මක කරනවා නම් ඒක ජනතාවටත් කරන ආදර්ශයක්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *