මන්නාරම සුළං විදුලි බලාගාරය අගෝස්තු වැඩ අරඹයි! ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 104ක්! මසකට රු. බිලියන 10ක ඉතිරියක්!

July 6, 2020 at 11:37 pm | by emanisa.lk

මන්නාරම ඉදිවන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරයේ වැඩ අවසන් අදියරට එළඹෙමින් තිබේ.

දැනට මෙරට ඇති සුළං විදුලි බලාගාරවලින් නිපදවන විදුලිබල ධාරිතාව මෙගාවොට් 10-15ක් වන නමුත් මෙම නව සුළං විදුලිබලාගාරය මගින් දිනකට මෙගාවොට් 104ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.

අගෝස්තු මාසයේ අවසානය වන විට ​ මන්නාරම සුළං විදුලි බලාගාරය ආරම්භ කිරීමට විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබේ.

මන්නාරම සුළං විදුලි බලාගාරය මගින් මාසයකට රුපියල් බිලියන දහයක් ඉතිරි කළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි.

2030 වසර වන විට පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම මට්ටමක තබා ගැනීම සඳහා ලෝකයේ රටවල් අත්සන් කොට ඇති ගිවිසුම සාර්ථක වීම සඳහා සුළං බලයෙන් හා සූර්ය බලයෙන් ක්‍රියාකරන විදුලි බලාගාරය ඉතා වැදගත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස