මන්නාරමේ ක්‍රිස්තියානි පූජකයන් ඇතුළු පිරිසක් හින්දු කෝවිලට පහර දෙයි!

March 6, 2019 at 1:11 pm | by admin

මහ ශිව රාත්‍රී උත්සවය වෙනුවෙන් මන්නාරම තිරුකේතීස්වරම් කෝවිල ඉදිරිපිට මාවතේ ඉදිකළ තොරණ සහ පුවරු එම ප්‍රදේශයේ ක්‍රිස්තියානි පල්ලිය නායකත්වය ලබා දුන් කල්ලියක් විසින් කඩා බිඳ විනාශ කිරීමට කටයුතු කර තිබිණි. එම පිරිස විසින් මෙම සැරසිලි කඩා විනාශ කර ඇත්තේ මහා ශිව රාත්‍රී උත්සව දිනයට පෙර දින එනම් 03 වෙනිදාය.

හින්දු කෝවිලේ සැරසිලි කඩා විනාශ කළ පිරිස මන්නාරම ක්‍රිස්තියානි බල ප්‍රදේශයක් බවත් වෙනත් කණ්ඩායම් සඳහා උවමනා ආකාරයට මෙහි කටයුතු කළ නොහැකි බව පවසමින් කෑ ගසා තිබේ. මෙම සිද්ධිය අධිකරණය දක්වා ගොස් ඇති අතර එහි දී කෝවිල් කමිටුවට සහ පොලිසියට නැවත එම සැරසිලි කිරීමට අධිකරණය නියෝග ලබා දුන් අතර එම නඩුව ඉදිරියට ඇසීමට නියමිතය.

මීට දශක කිහිපයකට පෙර හින්දු බහුතරය සහිත ප්‍රදේශයක් වූ මන්නාරම පසුගිය කොටි ත්‍රස්තවාදය පැවති සමයේ සීඝ්‍රයෙන් ක්‍රිස්තියානිකරණය කෙරිණි. මේ නිසා දෙමළ හින්දු ජන ප්‍රතිශතය අඩු වන අතර දෙමළ ක්‍රිස්තියානි ජන ප්‍රතිශතය වේගයෙන් ඉහළ ගොස් ඇත. තිරුකේතීස්වරම් කෝවිල නැගෙනහිර පළාතේ පැරණි ඊස්වරම් කෝවිල් පහෙන් එකකි. කෝවිලේ සැරසිලි විනාශ කර දැමීමට මර්කස් පියනම ඇතුළු ක්‍රිස්තියානි පූජකයින් තිිදෙනකු නායකත්වය ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *