කොටුව ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන හෙට (13) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු අරගලකරුවන් යළි ආරක්ෂක අංශ වෙත භාරදිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමියන් මේ බව කියා සිටියේය.
එසේ නොවන්නේ නම් ආරක්ෂක ගැටලු ගණනාවක් රට තුළ නිර්මාණය විය හැකි බවට ද එහිමියෝ අනතුරු ඇඟවූහ.