මන්ත්‍රී වෙන්දේසියේ මගේ මිල ලක්ෂ 5000යි! අනිත් අය 2500යි! – වෙල්ගම (video)

February 3, 2019 at 5:45 pm | by admin

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පරාජය වන බව සහසුද්දෙන්ම දන්නා නිසා පළාත් සභා මැතිවරණය නොපවත්වන හෙයින් පවත්වන්නේ ජනාධිපතිවරණය බවත් මහින්ද රාජපක්ෂ ඉන් ජය ගෙන වසර 10ක් රට පාලනය කරන බවත් කුමාර වෙල්ගම මහතා පවසයි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 2500 දක්වා ඉහළ ගොස් ඇති බව ද තමන්ගේ වටිනාකම රු. ලක්ෂ 5000ක් බව ද හෙතෙමෙ පැවසූයේ බදුල්ලේ පැවති රැස්වීමක් අමතමිණි. ඉදිරියේ විවිධ සංශෝධන සිදුවන කාලය මුදලට පනින මන්ත්‍රීලාට හොඳ කල දසාවක් වන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *