මන්ත්‍රී වාහන පෝර්ට්සිටි පනත් ඡන්ද අල්ලසක්…! ලංකාවට ගෙනැත් ප්‍රසිද්ධියේ විකුණනු…! – ජවිපෙ…

June 12, 2021 at 2:24 pm | by emanisa.lk

ආණ්ඩුව ඩොලර් මිලියන 18ක් වැය කොට ගෙන්වීමට සූදානම් වන මන්ත්‍රි වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු කළ යුතු බව ජ.වි.පෙ. නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

මන්ත්‍රිවරුන් සඳහා ප්‍රාඩෝ ජීප් රථ 227ක් ආනයනය සඳහා ණයවර ලිපි (LC ) විවෘත කර ඇති අතර මීට පෙර රටේ ණයවර ලිපි අවලංගු වීමට ඉඩ දුන් අවස්ථාවල ඉතිහාසයක් පවතින බවත් එය කළ නොහැකි ම නම් අදාළ වාහන එක් වාහනයක් රුපියල් කෝටි 5 ගාණෙ එනම් රුපියල් කෝටි 1135ක් වන පරිදි ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රටේ ණය ගෙවීමටත්, කොවිඩ් තත්ත්වයෙන් අසරණවූවන්ට සහන සැලසීමටත් වැක්සීන් ඇතුළු සෞඛ්‍ය උපකරණ සඳහා එම මුදල් යොදවන ලෙසත් ජ.වි.පෙ. නායකයා යෝජනා කළේය.

මෙම වාහන ජවිපෙ කිසිසේත්ම භාවිත නොකරන බවද මන්ත්‍රිවරයා සහතික කළේය. විශේෂයෙන්ම මෙම වාහන මන්ත්‍රිවරුන්ට ලබා දෙන්නේ පෝට් සිටි පනතට ඡන්දය දීමේ අල්ලසක් වශයෙන් යැයිද ඔහු මෙහිදී අනාවරණය කළේය.

ඔහු තවදුරටත් අනාවරණය කළේ ඉහත කී ප්‍රාඩෝ ජීප් රථ සඳහා ණයවර ලිපි හෙවත් (LC) විවෘත කර ඇත්තේ 2021 අප්‍රේල් 22 වන නමුත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන්නේ 2021 මැයි 18 බවය. කැබිනට් පත්‍රිකාවට පෙර ණයවර ලිපි නිකුත් කළේ කෙසේද යන්න ප්‍රශ්න කළ ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙම වාහන ගෙන්වීම තුළ බරපතළ වංචාවක් සිදුව ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *