මන්ත්‍රී නිවසේ දැරියක් දූෂණය කොට මරා දැමීම රටට ම ලැජ්ජාවක්….! අපරාධකරුවන්ට ගල් ගසා මරා දැමිය යුතුයි….!

July 27, 2021 at 7:32 am | by emanisa.lk

දැරියන් දූෂණය කරන සල්ලාලයන්ට සෞදි අරාබිය ලබාදෙන දඬුවම් දීමට පාර්ලිමේන්තුවට නීති ගෙන ආ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කරයි.

එම වරද සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට සෞදි අරාබියේ මෙන් ගල් ගසා මරා දැමිය යුතු බවත් ඔහු පැවසීය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව මිය යාම මුළු රටටම මෙන්ම ජාතියටත් ලැජ්ජාවට පත් යුතු කාරණාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීම පළමු වන සිදුවීම නොවන බවත් මීට විරුද්ධ වූ වතුකරයේ ජනතාව කොළඹට රැගෙන විත් විරෝධතා කැඳවන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *