මන්ත්‍රී තුෂාර අමාත්‍යාංශයට පැනලා මට ගහන්න හැදුවා! ඇමති හැරිසන් අගමැතිට පැමිණිලි කරයි!

August 10, 2019 at 2:58 am | by emanisa.lk

කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප මන්්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා තමාට පහර දීමට උත්සාහ කළේ යැයි කෘෂිකර්ම ග‍්‍රාමීය ආර්ථික හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත.මන්තී‍්‍ර තුෂාර වැවක ගැටලූවක් ගැන සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි විට පැය දෙකහිමාරකට අධික කාලයක් රස්තියාදු කළේ යැයි උරණ වී මන්ත‍්‍රීවරයා තමන්ට මෙසේ පහර දීමට උත්සාහ කළ බව ඇමැතිවරයා අගමැතිවරයාට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය පෙරේදා සවස සිදුව ඇති අතර පී. හැරිසන් මහතා මේ බව අගමැතිවරයාට පැමිණිලි කර ඇත.

ඇමැතිවරයාට පහර දෙන්න හැදුවේ ඇයි දැයි අගමැතිවරයා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේදී තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයාගෙන් විමසා ඇත.

තමන් රත්නපුර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී ඒ. ඊ. විජේතුංග මහතා සමග වැවක ප‍්‍රශ්නයක් සාකච්ඡ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගිය බව මන්තී‍්‍රවරයා අගමැතිවරයාට කියා ඇත.

එහෙත් ඇමැති හැරිසන් මහතා හදිසි රැස්වීමක සිටින බව කියමින් පැය දෙකහමාරකට අධික කාලයක් තමන් රස්තියාදු කළ බවත් බැරිම තැන බලහත්කාරයෙන් දොර ඇරගෙන ඇමැතිවරයාගේ කාර්යාලයට ගොස් ‘ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට සලකන්නේ මෙහෙම දැයි’ තමන් ඇමැතිවරයාගෙන් ඇසූ බවත් තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයා අගමැතිවරයාට කියා ඇත.

මේ සම්බන්ධයෙන් තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ දොස් කීවා මිස තමන් හැරිසන් ඇමැතිවරයාට පහර නොදුන් බවයි. නමුත් ඔහු අගමැතිවරයාට පැමිණිලි කර ඇත්තේ තමන් පහර දුන්නා කියා යැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

– divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස