මන්ත්‍රී එන්නත්කරණ මධ්‍යස්ථානයට පැන පල්ලි ටෝකන් බෙදයි…! ජනතාව විරෝධය පා පන්නා දමති…!

August 28, 2021 at 10:43 am | by emanisa.lk

පුත්තලම සහිරා ජාතික පාසලේ පැවැති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් එන්නත් සඳහා ජනතාවට ටෝකන් ලබා දෙන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය.

මේ අවස්ථාවේදී එහි පැමිණි පුත්තලම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තත්ත්වය පාලනය කර මන්ත්‍රීවරයා එම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට මන්ත්‍රීවරයා ලබාදී ඇත්තේ පුත්තලම ජුම්මා දේවස්ථානයෙන් නිකුත් කළ ටෝකන් පත්‍රයක් බවත් මන්ත්‍රීවරයා එය සුළු පිරිසකට බෙදද්දී එහි පැමිණි කණ්ඩායමක් එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කර එන්නත්කරණ මධ්‍යස්ථානය අසල කලබලකාරී ලෙස හැසිරී ඇත. සිද්ධිය පාලනය කිරීමට පොලීසියට මැදිහත් වීමට සිදු වූයේ මේ අවස්ථාවේදීය.

රට වසා තිබූ අවස්ථාවක විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට අවසර පත් ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම මන්ත්‍රීවරයාට මෙයට පෙර චෝදනා එල්ල වූ බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ටෝකන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ දිස්ත්‍රික් ලේකම්වරයාගේද අනුමැතිය ඇතිව බවයි.

එම ටෝකන් පත් ලබා දුන්නේ ප්‍රමුඛත්වය ලබාදී එන්නත් ලබාදීම සඳහා නොව ජනතාව එකවර එක් රොක් වීම වැලැක්වීමේ පියවරක් ලෙස එන්නත් ගැනීම සඳහා වේලාවන් වෙන් කිරීම සඳහා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස