මන්ත්‍රීිවරුන්ට මාසිකව ලක්ෂ 2 බැගින් දෙන්න යෝජනාවක්! දැනට සියලු දීමනා සහිතව ලක්ෂ 04ට වැඩි වැටුපක්!

August 6, 2019 at 10:55 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපට අමතරව තවත් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තමන්ට බලපෑම් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අද (06) කොළඹ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව රුපියල් ලක්ෂ 04කට වැඩි වැටුප් සහ දීමනා හිමි වන බවත් එවැනි පසුබිමක තවත් ලක්ෂ 02ක දීමනාවක් ලබා දීමේ යෝජනාවට තමන්ට කිසිසේත් එකඟ විය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

මැතිවරණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීම වෙනුවෙන් ‍ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අගරදගුරු හිමිපාණන් ඇතුළු ආගමික නායකයින්ගේ අස්සනින් සැකසුණු නිර්දේශ මාලාව දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ ජාතික උළෙල අද (06) කොළඹදී පැවැත්විය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එම උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස