මන්ත්‍රීවරු 8 දෙනෙක් ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙයි! ඇමති කබීර් විදෙස්ගත වෙයි!

June 7, 2019 at 8:21 am | by emanisa.lk

කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා හැර අනෙකුත් මන්ත්‍රීවරුන් අටදෙනා මෙසේ සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත.

කබීර් හෂීම් මහතා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින්, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නැතැයිද පැවැසේ.

ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අබ්දුල් හලීම්, අබීර් අලි සියාබ්දින්, ෆයිසාල් කාසිම් මොහොමඩ් හාරිස්, සියාම් අලිසාබීර් සහ අබ්දුල්ලා මහරුෆ් යන මන්ත්‍රීවරුන් අටදෙනා ඔවුන් දැරූ ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත.

කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූර දැරූ මුස්ලිම් මන්ත්‍රීවරු නව දෙනෙකු ඉකුත් දෙවැනිදා සිය ධූරවලින් ඉවත්වන බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස