මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න අපි විරුද්ධයි…! මහජන මුදල් පාලකයින් සුඛිත මුදිත කිරීමට යොදනු එපා….! – සජිත්

June 13, 2021 at 9:44 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

“බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගයේ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

රට තුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගි කරගන්නා ලෙස රජයට බල කරමු.

දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය විසින් කිසි දින අනුමත නොකරනු ඇත.

ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළ යුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසාය.”

කෙසේ වුව ද එම යෝජනාව මේ වන විටත් අවලංගු කර ඇති බව පසුගියදා ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *