මන්ත්‍රීලාට කිරිපිටි වෙනුවට එළකිරි දුන්නාට, ජනතාව රැකෙන්නේ නෑ!

February 12, 2019 at 2:49 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උසස් ප්‍රමිතියේ කිරි ලබා දීම තුළින් රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා රටේ ජනතාව භාවිත කරන කිරිපිටිවල සුරක්ෂිතතාව ඇති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරමුණ ගතයුතු බව ද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

කිරිපිටි සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කිරිවල සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ හොඳ එළකිරි පමණක් බවත් කථානායක කරු ජයසූරිය පසුගියදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *