පසුගිය මහා මැතිවරණයේ දී සිය පක්ෂය විශාල රැල්ලකට ගොදුරු වුව ද සජබ වැඩිම මනාපලාභීන් 10 දෙනා අතර තමන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.
එම මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සජබට ආසන 03ක් හිමි වූ අතර තුන්වෙනියා මනාප 46 000ක් ද සිව්වෙනියා ලෙස තමන්ට මනාප 45000ක් ද හිමි වූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එරාන් වික්‍රමරත්න (මනාප 38000), හිරුණිකා ප්‍රේමචන්ද්‍ර(මනාප 36000), මනෝ ගනේෂන්(මනාප 19000) ආදීන්ට වඩා තමන් මනාප ලබා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
එහෙයින් තමන්ට සහ කුරුණෑගල ජනතාවට සාධාරණයක් බලාපොරොත්තු වන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ඉල්ලා සජිත් ප්‍රේමදාසට ලිපියක් යවන බවත් තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කරයි.
අද (25) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.