පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මෙතෙක් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කර නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගැන නැතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව ඉල්ලීම් කර ඇති මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කර ඒ පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස හා ඔවුන් සහභාගි වන උත්සව සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇත.