මන්ත්‍රී නිවාස ගිනි තැබූ පිරිස් අත්අඩංගුවට ගන්න සූදානම්…!

August 3, 2022 at 5:18 pm | by emanisa.lk

පසුගිය මැයි මස 09 වැනිදා ප්‍රචණ්ඩ කණ්ඩායම් සිදුකර ඇති නිවාස හා දේපළ හානි සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර ඇත.

ඒ රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ අද (03) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවක දී ය.

මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපළවලට සිදුකළ හානි සම්බන්ධයෙන් පිරිස් අත්අඩංගුවට ගැනීම මේ වනතෙක් සිදුව නොමැති නම් එම තොරතුරු සම්බන්ධයෙන් තමා දැනුම්වත් කරන ලෙස එහි දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙම සිදුවීම්වලට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම් හා විමර්ශන කඩිනමින් සිදුකරන බවට ද අමාත්‍ය ටිරාන් අලස් මෙහි දී මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී ඇත.

සරත් ෆොන්සේකා එළඹෙන 09 වෙනිදා කොළඹට ජනතාව කැඳවා අරගලය අවසන් කරන බවට කර ඇති ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් හෙයින් මහජන කැළඹීමක් ඇති කිරීම සඳහා සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානය යොමුකර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *