පහුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී තමන් සමග ඇති වූ ගැටුමින් පසු ගුණතිලක රාජපක්ෂ හමුදා රෝහලට ඇතුළත් කිරීම වරදක් බව හින්දානන්ද අලුත්ගමගේ පවසයි.
මේ පිළිබඳ ගුණතිලක රාජපක්ෂගේ පුතා කොටුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊයේ (05) කොටුව පොලීසියේ නිලධාරීන් යුද හමුදා රෝහලට ගිහින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
හමුදා සෙබලුන්ට සහ විශ්‍රාමික හමුදා සෙබලුන්ට ප්‍රතිකාර ලබා දීමට ඇති යුද හමුදා රෝහලින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබා ගැනීම සහ එහි දී සැත්කමක් කිරීම මහින්දානන්ද අලුත්ගමගේ දැඩි ලෙස විවේචනය කර ඇතැයි වාර්තා වෙයි.