මන්ත්‍රීලාට රජයේ වාහන දෙන්නෙත් නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

February 5, 2025 at 3:39 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දීම අහෝසි කරන බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ පොරොන්දු වූ බව ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

එහෙත් මන්ත්‍රීවරුන්ට සිය කටයුතු කරගෙන යාමට රජයේ වාහනයක් ලබා දිය යුතු වුව ද ඒ සඳහා රජය සතුව වාහන ඇනියක් නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද මේ අවස්ථාවේ රටේ ආර්ථික තත්ත්වය සලකා බැලීමේ දී මන්ත්‍රීවරුන් සඳහා වාහන ආයනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දීමක් හෝ රජය මගින් වාහන ලබා දීමක් සිදුනොවන බවයි, ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ, අද (05) කැබිනට් තීරණ දැනුුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *