මන්ත්‍රීලාට ඉන්ධන ගහන්න ලක්ෂයක් එපා.. කූපන් එකක් දෙන්න…! – සජබ මන්ත්‍රී…

February 1, 2025 at 6:19 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රු. ලක්ෂයක් ලබා දීම වෙනුවට කූපන් ක්‍රමයක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

එවිට මන්ත්‍රීවරයෙකු ලබා නොගෙන යම් ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි වන්නේ නම් එය රජයට ඉතිරි වන බවත් වැඩිපුර ඉන්ධන අවශ්‍ය නම් මන්ත්‍රීවරයාට මුදල් ගෙවා ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

තමන් පැමිණ ඇත්තේ ජනතාවට සේවය කිරීමට බවත් ජනතා බදු මුදල්වලින් සැප විඳීමේ අවශ්‍යතාවක් තමන් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසාද් සිරිවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *