මන්ත්‍රීලට වාහන 225ක් රටින් ගේන්න තීන්දු කරලා නෑ… දේශීය වාහන 225ක් වුණත් දෙන්නත් පුළුවන්…! – ඇමති හඳුන්නෙත්ති….

February 4, 2025 at 12:56 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුත් වාහන 225ක් ආනයනය කර ලබා දීමට රජය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ඇමති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කෙසේ වුව ද මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදීමට තමන් මැතිවරණ ප්‍රකාශය මගින් ජනතාවට පොරොන්දු වී ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව ඇතැම් විට දැනට රජය සතු වාහන සංචිතයක් එකතු කර එමගින් වුව ද මන්ත්‍රීවරුන්ට වාහන ලබා දිය හැකි බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.

එසේ ම මේ වන විට ලංකාවේ එකලස් කරන වාහන 225ක් මන්ත්‍රීවරුන්ට ලබා දීමට වුව ද හැකි බව ඇමති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

ඒ අමාත්‍ය විජිත හේරත් මන්ත්‍රීවරුන් සඳහා රජය අලුතින් වාහන 225ක් ආනයනය කර ලබාදීමට සාකච්ඡා කරන බවට සිදුකළ ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කළ අවස්ථාවේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *