මන්ත්‍රීලට රු.121ට පෙට්‍රල් දෙන කතාව බොරු…! – බලශක්ති ඇමැති…

May 19, 2022 at 10:18 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ ජනතාවට තෙල් ලබා දෙන මිලට වඩා අඩු මිලකට තෙල් ලබා දෙන බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලින් මන්ත්‍රීවරුන්ට සිය අනන්‍යතාව තහවුරු කර තෙල් ලබා ගැනීමට ඊයේ සිට අවස්ථාව ලබා දී තිබේ.

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ පෙට්‍රල් දර්ශකය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට සිපෙට්කො ආයතනයට නියෝග කර ඇතැයි ද ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *