මධ්‍ය අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම කුරුණෑගල කොටස පසුගිය 15 වෙනිදා ජනතා අයිතියට පත් විය.
එම මාර්ගය මේ වන විට ජනතාව විශාල වශයෙන් භාවිතයට ගන්නා අතර පළමු පැය 12 තුළ ගමන් කළ වාහන සංඛ්‍යාව 13583කි.
එමගින් උපයා ඇති ආදායම රු. විසි අට ලක්ෂ පන්දහස් එක සියයකි. ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ අලංකාර ම අධිවේගී මාර්ග කොටස ලෙස ද මෙය සැලකේ.
මෙම මාර්ගය මහනුවර දක්වා ඉදිකළ පසු නුවර කොළඹ ගමනාගමනය සඳහා ගතවන කාලය විශාල වශයෙන් අඩුවනු ඇත.