මධ්‍යම අධිවේගයේ කොටසක් උඩින් යන්න සැලසුම්…! රු. මිලියන 700ක අමතර වැය බරක්…!

June 12, 2021 at 1:56 pm | by emanisa.lk

කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කනු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා අවධානය යොමුව තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 700 ක පමණ මුදලක් වැය වෙතැයි මහා මාර්ග අමාත්‍යංශය ගණන් බලා ඇත.

මෙම කොටස කිලෝ මීටර 37ක් දිගින් යුතු වන අතර එහි කි.මී. 13 ක් කනු මතින් ඉදිකිරීමට නියමිත ය.

කඩවත මීරිගම කොටස ඉදි කිරීම සඳහා රුපියල් බිලියන 158 ක මුදලක් වැය වන අතර එම මුදල ණය අධාරයක් ලෙස චීන රජයෙන් ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *