මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් කොටසක ඉදිකිරීම් ප්‍රමාදවීම හේතුවෙන් එම මාර්ගයේ ඉදිරිකිරිම් සැලසුම් කළ පරිදි අවසන් කිරිමට නොහැකිව ඇති බව මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
හිටපු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් එම කොටසේ ඉදිරිකිරිම් කොන්ත්‍රාත් පදනම මත ලබාගෙන ඇති අතර එහි ප්‍රමාදවීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කරයි.
“කොන්ත්‍රාත්කරුවන් හතරදෙනෙක් ඉන්නවා. අඟහරුවාදාට ඔවුන් එක්ක කතා කරලා තීන්දුවක් ගන්නවා. හොඳට වැඩකරන අනිත් කොන්ත්‍රාත්කරුවන්ට දීලා ඒ අය ඉවත්වෙන්න ඕනේ. ඔවුන් අඟහරුවාදා තීන්දුවක් ගන්න ඕනේ. නැත්නම් අපි සැලසුම් කරපු ආකාරයට කවදාවත් අධිවේගී මාර්ගය අවසන් කරන්න බෑ.”