මදූෂ් කුදලං එන්න ජනපතිගෙන් ලියුමක් අරන් මාරපන ඩුබයි යයි!

April 5, 2019 at 7:06 am | by admin

පාතාල නායක මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත.

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහීදී සාදයට එක්වූ ගායන ශිල්පි නදීමාල් පෙරේරා, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ඇතුළු 13 දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

පාතාල නායක මාකදුරේ මධුෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරා තවමත් ඩුබායිහි අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුද අමාත්‍යවරයා සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ලිපියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස