මදූෂ් ඇතුළු පිරිිස ඩුබායි රටේ සිරකර තැබීම නුවණට හුරුයි! – හමුදාපති

February 11, 2019 at 3:59 am | by admin

පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය.

මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව පැවසූ හමුදාපතිවරයා පාතාලය මැඬලීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවද කීය.

මෑතකදී බුරුතු පිටින් පාතාලය සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත යැයිද එම බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම ඉතා වැදගත් යැයිද හෙතෙම සඳහන් කළේය.

යුද්ධ හමුදාව සමග බුද්ධි තොරතුරු බෙදාගෙන මෙම වැටලීම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය දිරිමත් කරන අතර මේ සඳහා වැටලීම් ඒකකය දිරිගැන්වීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුල්වී තිබෙන බවද හමුදාපතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *