මදූෂ්ලා ළඟ මත්ද්‍රව්‍ය තිබුලා නෑ! නදිමාල් කොකේන් කටේ තියලා නෑ! මම එයාලා බේරගන්නවා! – උදුල් ප්‍රේමරත්න ඩුබායි සිට

February 11, 2019 at 9:26 am | by admin

ඩුබායිහිදී පාතාළ නායක මදූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස සතුව තහනම් මත්ද්‍රව්‍ය පැවති බවට සහ නදිමාල් පෙරේරා කොකේන් පානය කර තිබූ බවට ලංකාවේ පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි ඩුබායි බලා ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.

මෙම පිරිස අතර සිටි සමහරු මත්ද්‍රව්‍ය පානය කර තිබූ බව පරීක්ෂණවල දී හෙළි වී ඇතත් එම වාර්තා මෙතෙක් පොලිසිය කිසිවකුට ලබා දී නැතැයි ඔහු පවසයි.

මෙතෙක් කිසිවකු උසාවියට ඉදිරිපත් කර නොමැති බව ද ඊට පෙර අමල් සහ නදීමාල් පෙරේරා බේරා ගැනීමට තමන් උත්සාහ කරන බව ඔහු පවසයි. කිසිවකු මත්ද්‍රව්‍ය චෝදනා යටතේ කිසිවකු ඩුබායි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහොත් අවම වශයෙන් වසර තුනක සිර දඬුවමක් හිමි වන බව ද නීතිඥවරයා පවසයි.

පිරිස උසාවියට ඉදිරිපත් කරන දවසක් මෙතෙක් තීරණය කර නොමැති බව ද ඩුබායි පොලිසියට ගොස් මේ පිළිබඳ සොයා බැලීිමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *