මදූෂ්ගේ සාදයට ගිය අමල් පෙරේරා ඇතුළු 06ක් ලංකාවට එවයි! මදූෂ් එවනවා ද නැද්ද තීන්දුව මැයි 02 වෙනිදා!

April 23, 2019 at 7:31 am | by admin

මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට ගිය අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙක් UL-226 දරන ගුවන් යානයෙන් අද (23) අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිනි බව පොලීසිය නිවේදනය කළේය.

එම අවස්ථාවේදි එම පිරිස කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් භාරයට ගැනුණි.

මීට පෙර අවස්ථා කිහිපයකදි 23 දෙනෙකු මෙරටට එවා තිබුණු අතර මේ වන විට මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 29 දෙනෙකු ලංකාවට එවා තිබේ.

මේ අතර මාකඳුරේ මධුෂ් විසින් තමන් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් අභියාචනයක් කර තිබු අතර එහිදි එම අධිකරණය එම අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කර කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස