මද්‍රසා පාසල් බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව හඳුනගත්තා! සංහිඳියාවට බාධා වන නිසා ඒවා පාලනයට තීන්දුවක් ගත්තේ නෑ! – හිටපු ජනපති මෛත්‍රීගේ ලේකම්

July 24, 2020 at 11:47 pm | by emanisa.lk

2015 යහපාලන ආණ්ඩුව පත්ව නොබෝ කලකින් ආරක්ෂක තර්ජන නොතිබුණු නිසා ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස්වීමේ වැදගත්කම ගිළිහි ගිය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ලේකම් පී.බී. අබේකෝන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (24) සාක්ෂි දෙමිණි.

ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් සතිපතා ආරක්ෂක කවුන්සිලය පවත්වන ලෙස ඉල්ලා සිටිය ද ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ එකඟතාව මත එය සිදුනොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

ආරක්ෂක කවුන්සිලයේ දී මද්‍රාසා පාසල් මගින් මෙරට තරුණයන් අන්තවාදයට නැඹුරු වන 2017 වසරේ දී අනාවරණය වූ බවත් බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හඳුනාගත් බවත් හිටපු ජනාධිපති ලේකම්වරයා අනාවරණය කළේය.

කෙසේ වුවද ජාතික සමගියට සහ සංහිඳියාවට බලපෑම් වන ආකාරයට ඒවා වැළැක්වීමට හෝ පාලනය කිරීමට කටයුතු නොකරන ලෙස ආරක්ෂක කවුන්සිලයේ දී ආණ්ඩුව උපදෙස් දුන් බව ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස