මත්ද්‍රව්‍ය විරෝධි බලවේගය හැදුවේ රතන හාමුදුරුවොයි මමයි! ඉස්සර සෙල්ලම් දැන් බෑ! රංජන්ගේ සටනට මමත් එනවා! – චතුර සේනාරත්න

February 22, 2019 at 10:40 am | by admin

මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් ඇමතිවරු සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක නඟන චෝදනාව ඔප්පු කළහොත් තමන් ද ඔහු සමග එක්ව අදාළ ඇමතිවරු පළවා හැරීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීි චතුර සේනාරත්න පවසයි.

මීරිගම ප්‍රදේශයේ උත්සවයකට පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා වැඩි දුරටත් මෙසේ පැවැසීය.

“කවුරුන් හෝ චෝදනාවක් කරනවා නම් ඒක ඔප්පු කළ යුතුයි. මම හිතන්නේ රන්ජන් ඒක දන්නවා. ඒක රන්ජන් අනාගතයේ කියපු දවසට ඔවුන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් එවැනි අය එළවන්න මමත් රන්ජන් එක්ක අත්වැල් බැඳගන්නවා. මේ රටේ මත්ද්‍රව්‍ය විරෝධී බලවේගය නිර්මාණය කළේ රතන හාමුදුරුවොයි, අපියි. ඒ හින්දා තමයි මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අපේ සිවිල් ව්‍යාපාරයේ නියෝජිතයන්ව පත් කරලා ජනාධිපති කාර්ය සාධක බළකාය ගොඩනඟලා එදා 2015දී දැවැන්ත පරිවර්තනයකට ලක්කළේ. ඒ නිසා මේ රටේ අපේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට එදා වගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න ඉඩ තිබ්බේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස