මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සන්ෂයින් සුද්දා ඝාතනය කෙරේ….!

September 3, 2021 at 2:27 pm | by emanisa.lk

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාළ චරිතයක් වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්ව තිබේ.

කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වූ සන්ෂයින් සුද්දා මාතර, වරකාපිටිය ප්‍ර දේශයේ දී ඝාතනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

2020 වසරේ ද මොහු ඝාතනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් එල්ල වූ නමුත් ඒ අවස්ථාවේ ජීවිතය බේරා ගැනීමට ඔහුට හැකි විය. ඒ අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇත්තේ හරක් කටා නොහොත් චින්තක විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *