ආණ්ඩුව මත්තල විකුණා පලාලි හදන්න සැරසෙයි!

January 31, 2019 at 3:43 pm | by admin

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම වෙනුවෙන් පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි.

පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

පලාලි ගුවන්තොටුපළේ සිට ඉන්දියාවේ ඇතැම් නගර සඳහා ද ගුවන් ගමන් ආරම්භ කිරීමේ සැලසුමක් පිළිබඳ මින් පෙර වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *