මත්තල ගුවන්තොට භාණ්ඩ ප්‍රවාහනයට එක්වෙයි..! ටොන් 14ක ඇඟළුම් මත්තලින් මාලදිවයිනට…!

October 17, 2021 at 9:55 am | by emanisa.lk

ගුවන්බඩු තොගයක් මාලදිවයිනට යැවීමට ඊයේ (16) පළමු වතාවට මත්තල ගුවන්තොටුපළ යොදා ගෙන තිබේ.

ඒ,දේශීය වශයෙන් නිපදවූ ටොන්14 ක ඇගළුම් තොගයක් මාලදිවයිනේ වෙලොනා ගුවන්තොටු⁣පලට ප්‍රවාහනය සඳහා ය.

ගොලෝබල් ගුවන් බඩු ප්‍රවාහන සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එක්ව මෙම භාණ්ඩ අපනයනය කටයුතු සිදු කළේය.

මෙම ආකාරයට ගුවන් බඩු ප්‍රවාහනයට යොදා ගතහොත් විශාල ලෙස විදේශ විනිමය උපයන ගුවන් තොටුපළක් බවට මත්තල පත්වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *