මණ්ඩතිව් නාවික කඳවුර අඟලක් ලොකු කරන්න දෙන්නේ නෑ! ඉඩම් මැනීමට පැමිණි රජයේ නිලධාරීන් ශිවාජිලිංගම්ලා විසින් පන්නා දමයි!

April 12, 2019 at 4:39 pm | by admin

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මණ්ඩතිව්හි නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම විරෝධතාවය පැවති අතර එහිදී අද දින අදාළ නාවික හමුදා කඳවුරු භූමිය විශාල කිරීම සඳහා අවශ්‍ය කරන මැනුම් කටයුතු වෙනුවෙන් මිනින්දොරු වරුන් පැමිණි වාහනය හරස් කරමින් එයට ගමන් කිරීමට නොහැකි වන අයුරින් විරෝධතාවයේ නිරත වීමට හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පියවර ගෙන තිබුණි.

අදාළ පිරිසේ විරෝධතාවය හේතුවෙන් මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දොරු වරුන් පිරිස ආපසු හැරී ගොස් ඇත්තේ වෙනත් දිනක නැවත පැමිණෙන බව පවසමිනි.

නමුත් විරෝධතාවයේ නිරත සිවාජිලිංගම් ඇතුළු පිරිස පවසා ඇත්තේ මණ්ඩතිව් නාවික හමුදා කඳවුර විශාල කිරීමට ගෙන ඇති තීරණයට තම ජනතාව කිසිසේත්ම එකඟ නොවන බවටත් තිබෙන ප්‍රමාණයට වඩා එක අඟලක් හෝ භූමිය ලබා දීමට එරෙහිව විරෝධතාව ඉදිරියටත් පළ කරන අතරම එම ඉඩම් සාමාන්‍ය වැසියන්ට ලැබිය යුතු බවටත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස