මඩකලපුව සියෝන් දේවස්ථානයේ ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්තයා අත්අඩංගුවට! කොච්චිකඩේ ප්‍රහාරයේ මොළකරුත් ඔහු බවට තොරතුරු! (video)

March 29, 2020 at 11:19 pm | by emanisa.lk

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බොම්බකරු මඩකලපුවට ප්‍රවාහනය කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු කොච්චිකඩේ ප්‍රහාරය ද මෙහෙය වූ බවට තොරතුරු ලැබෙමින් ඇතැයි වාර්තා වෙයි.

එසේම මොහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වල දී සෙසු ප්‍රහාර මෙහෙය වූ පුද්ගලයන් ද අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේබව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස