මට හිමි තැන ඉල්ලුවා ම හරීන් කුපිත වෙලා කුණු හරුපෙන් බැන්නා…! – ෆීල්ඩ් මාර්ෂල්…

May 2, 2022 at 3:54 pm | by emanisa.lk

මැයි දින ජන රැලියේ දී හරීන් ප්‍රනාන්දු කුපිත වී අශීලාචාර ලෙස තමන්ට අසභ්‍ය ලෙස බැණ වැදුණු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අදාළ ජන රැලියේ දී වැරදි ගණනාවක් සිදු වූ බවත් පක්ෂයේ දෙවැනියා ලෙස තමන්ට ලැබිය යුතු තැන නොලැබීම ගැන ප්‍රශ්න කළ විට හරීන් ප්‍රනාන්දු එලෙස හැසිරුණු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම වැරදි නිසා පක්ෂයේ දෙවන පෙළ නායකයින් පිරිසක් නික්ම ගිය බවත් එම ක්‍රියා පක්ෂයේ සමගියට ශක්තියට බාධාවක් බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

බදුල්ල අතහැර හරීන් ප්‍රනාන්දු නැවත ගම්පහට පැමිණීම තමන්ට කිසිදු ගැටලුවක් නොවන බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *