මට සුපර් එංජිමක් වගේ ම සුපර් ඩයිනමෝවක් තියෙනවා! – සජිත්

October 21, 2019 at 8:13 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි 151ක් සඳහා තමා සහභාගී වන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එමගින් තමා ළඟ හොඳ එංජිමක් සහ ඩයිනමෝවක් ඇති බව තහවුරු වන බවත් සමහරුන් ළඟ මෙන් ගැස්සි ගැස්සී යන එංජිමක් තමා ළඟ නොමැති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

මේ තමාගේ හොඳම කාලය බව සඳහන් කළ හෙතෙම තමාට ද ගැස්සි ගැස්සී යන කාලයක් පැමිණි විට තාරුණ්‍යයට නායකත්වය භාර දී සමුගන්නා බවත් අවධාරණය කළේය.

නාවලපිටිය ප්‍රදේශයේ ජනරැලියකට සහභාගී වෙමින් ඊයේ (20) ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස