මට සද්දේ දැම්මේ සිරස නාළිකාවේ කොන්ත්‍රාත්කාරයෙක්…! සිරස හදන්නේ අපට පාරට බහින්න බෑ කියල මතයක් හදන්න…! – විමල්….

July 12, 2022 at 5:56 pm | by emanisa.lk

තලතා අතුකෝරළ මන්ත්‍රීවරියගේ නිවස අසල දී තමන්ට පුද්ගලයෙකු විසින් බැණ වැදීම එක්තරා රූපවාහිනී නාළිකාවේ පූර්ව සැලසුමක් අනුව සිදු වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීම ද එම මාධ්‍ය ආයතනයේ සැලසුම අනුව සිදු වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

තමන් අදාළ සිද්ධියට මුහුණපෑ අවස්ථාව වාර්තා කළේ ද එම නාළිකවේ මාධ්‍යවේදියා බවත් එම සිද්ධිය වෙනත් කිසිදු මාධ්‍යවේදියකු කලින් නොදන්නා නිසා පටිගත කර ගැනීමට නොහැකි වූ බවත් විමල් වීරවංශ සඳහන් කළේය.

හිටපු ඇමැතිවරයා හෙළි කළේ එලෙස බැණ වැදුණු පුද්ගලයා ඩෙවන් නම් මිරිහානේ පදිංචි බර්ගර් ජාතිකයෙකු බවයි.

සිරස නාළිකාව මේ වන විට තමන්ට පාරට බැසීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව කෘත්‍රීම ලෙස මවා පෑම සඳහා විශාල උත්සාහයක නිරත වන බව ද විමල් වීරවංශ ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අද (12) හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *